Wednesday, May 4, 2011

PING sms හා FLASH sms

මේ මම කියන්න යන්නෙ ගොඩක් කට්ටිය දන්න දෙයක්. ඒත් ඒ වගේම කට්ටියක් ඉන්නව මේ ගැන දන්නෙ නෑ. ඒකයි ලියන්න හිතුවෙ...

"මචෝ... මගේ කෑල්ලගෙ ෆෝන් එකට මිස් කෝල් එකක දාල බලපන්කො බන් ඒක වැඩ කරනවද කියල. මම තරහ වෙලා ඉන්නෙ. ඒ හින්ද සෙකන්ඩ් වෙන්නත් බෑ බන්..." 

මේ වගේ කතා බහවල් සෑහෙන්න කරල, ඇහිල, දැකල ඇති හැමෝම වගේ‍...

මේකෙ තේරුම තමයි, තමන්ට දැන ගන්න ඕන අදාල පාර්ශවයේ ‍මොබයිල් ෆෝන් එක වැඩද නැද්ද කියල අනික් පාර්ශවගේ අනු දැනුමකින් තොරව... ඉතින් මේකට හොඳම විසඳුම තමයි PING SMS..
ඒ වගේම සාක්ෂි ඉතුරු නොවන විදියට SMS යවන්න ඕන නම් ඒකට හරියන්නෙ FLASH SMS තමයි ඉතින්. ඒ SMS එකක් එක පාරක් කියෙව්වට පස්සෙ ආයෙ බලන්න බෑ... ඒ කියන්නෙ inbox එකේ save වෙන්නෙ නෑ කියන එකයි...

මුලින්ම කියන්න ඕන මේ වැඩේ පරිගණකයත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් වන හැම මොබයිල් ‍ෆෝන් එකකින්ම කරන්න පුළුවන් උනත්, අද මම කියන්නෙ Sony Ericsson වර්ගයේ ෆෝන් වලින් කරන සරලම ක්‍රමය විතරයි. අනික් විදිය පස්සෙ කියන්නම්...
මේකට මුලින්ම අපිට ඕන වෙනව, Sony Ericsson Phone එකකුයි, Data Cable එකයි. තම මෙන්න මේ Software එකත් ඕන වෙනව. ඒ තමයි, My Phone Explorer කියන එක‍.

Phone එක පරිගණකයට Connect කරල, My Phone Explorer එකෙනුත් Connect කර ගන්න. දැන් Messages කියන කොටසෙන් New SMS එකක් යවන්න ආරම්භ කරන්න...


දැන් එන පොඩි Box එකෙන් අවශ්‍ය FLASH sms හෝ PING sms තෝරන්න...


යවන්න ඕන නම්බර් එකට යවල බලන්න... Flash sms නම්, කෙලින්ම ෆෝන් එකේ තිරයේ දිස්වෙයි. Ping sms නම්, ඒ අදාල ෆෝන් එක Switch On නම් ඔයාට Delivery Report එක එයි.. Off නම්, Delivery Report එක එන්නෙ නෑ.. මතක ඇතිව ටික වෙලාවක් ඹයාගෙ ‍Phone එක Computer එකට සෙට් කරලම තියන්න. PING sms Delivery Report එන්නෙ Computer එකට විතරයි. Phone එකට එන්නෙ නෑ...

මේ තියෙන්න මම මටම යවා ගත්ත Flash SMS එකක්...

කොහොමද? හොඳයි නේද වැඩේ...? :D

8 comments:

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

එල එල මචං.. නොකිය ෆෝන් වලට ෆ්ලෑෂ් sms යවන්න ඇප්ලිකේෂන් තියනවද කොහෙද.. හරියටම දන්නෙ නෑ හැබැයි..

Sajith said...

අර sms gateway එකෙන් පුළුවන් මම හිතන්නෙ..

යූත්මැක්ස් said...

Dongle එකෙන් මෙහෙම sms යවන්න බැරිද?

MaXoR (හිමා) said...

Patta :)

Sajith said...

Dongle එකෙන් නම් බෑ මචං...

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

@Sajith ඔව් ඒ gateway එකෙන් පුලුවන්.. මම කීවේ ෆෝන් එකට දාන මොබයිල් ඇප්ලිකේෂන් ගැන බං..

@යූත්මැක්ස්.. ඩොන්ගල් එකෙන් පුලුවන් මචං NowSMS කියල gateway එකක් තියේ ඒකෙන් බලන්න හැබැයි ඒක ෆී දෙන එකක් නම් නෙවෙයි..

Sajith said...

ඩොන්ගල් එකෙන් පුළුවන් ද? :o කියල දීපන්කො‍...

Yasiru Nayanajith said...

lweth ne.

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com