Friday, September 6, 2013

සුදු සැන්දෑව - 01

දැඩි හිරු රශ්මිය ඔහුගේ මුහුණ වෙතට පතිත වී ඔහුගේ මුහුණ දිදුලන්නේ වීදුරුවක් මෙනි. මහ ඝණ වනාත්තරය මැද ඇති එකම පිරිසිදු සිංහල ගම්මානයයි. කෝප්‍රල් ‍වීරසිංහ ගල් කණුවකට හේත්තු වී සිහින ලෝකයේ අතරමන්ව සිටිද්දී සපත්තු අඩි නැගෙන ශබ්ධය ඇසී ක්ෂණිකව දෙපයින් නැගී සිටියේ මේ රට ගිලගත් මුස්ලිම් ත්‍රස්ථවාදීන් යැයි සිතා විය හැකිය. දිගු සුසුමක් හෙලුවේ ඒ සතුරෙකු නොවූ බැවිනි. ඒ පැමිණියේ මේ ගම්මානය භාර දෙවැනි තැන ගන්නා කැප්ටන් සුරංග ය.

"කෝප්‍රල් ඊයෙ රෑ ඉඳන් නේද මෙතන වෙපන් එක තියන් ඉන්නෙ. දැන් ගිහින් රෙස්ට් එකක් ගන්න. මම වෙන කෙනෙක්ව මෙතනට දාන්නම්..."

ඒ හඬ අවදි කරේ සුරංග ය.

Monday, September 2, 2013

ආයෙමත් මම ආවා..

කාලෙකින් Blog පෝස්ට් එකක් ලියන්න බැරි උන හින්ද අද නම් ආව අනිවාරෙන්ම ලියන්න ඕන කියල හිතල. මගේ මස්සිනා පොඩ්ඩ හෝ ගාල Blog එකක් ලියනව. ඉතින් මටත් හිතුන ආයෙමත් ලියන්න ඕන කියල මමත් :D ඒ හින්ද සුභ මොහොතින් ඔන්න මම මේ අවුරුද්දෙ පළවෙනි පෝස්ට් එක දානවා...

Saturday, July 30, 2011

කොහොමද පරිගණකයේ උෂ්ණත්වය බලා ගන්නෙ?

අද මම මේ කියන්න යන්නෙ අමුතු වැඩක්. අමුතු කිව්වට අමුතුම නෑ... ‍ගොඩක් කට්ටිය මේක ගැන දන්නව. ඒත් නොදන්න කට්ටියත් ඉන්න නිසා වටිනා කියන මට Google Search කරද්දි හම්බුනු පොඩි Software එකක් ගැනයි මේ කියන්න යන්නෙ.... මේකෙ නම නම් Core Temp කියල තියෙන්නෙ... මේකෙන් ගොඩක් විස්තර වගේම ඔයාලගෙ පරිගණකයේ මධ්‍යම සැකසුම් ඒකකයේ (CPU) උෂ්ණත්වයත් හොඳට බලා ගන්න පුළුවන්... ඒ වගේම වැඩි උෂ්ණත්වයකදී ඉබේම (Automatic) පරිගණකය නියමාකාරයෙන් ක්‍රියා විරහත (Turn Off) වෙන්න කියල උනත් විධානයක් (Command) දීල තියන්න පුළුවන්.. මේ බලන්න මේ පහත තියෙන පින්තූරය...


Wednesday, May 4, 2011

PING sms හා FLASH sms

මේ මම කියන්න යන්නෙ ගොඩක් කට්ටිය දන්න දෙයක්. ඒත් ඒ වගේම කට්ටියක් ඉන්නව මේ ගැන දන්නෙ නෑ. ඒකයි ලියන්න හිතුවෙ...

"මචෝ... මගේ කෑල්ලගෙ ෆෝන් එකට මිස් කෝල් එකක දාල බලපන්කො බන් ඒක වැඩ කරනවද කියල. මම තරහ වෙලා ඉන්නෙ. ඒ හින්ද සෙකන්ඩ් වෙන්නත් බෑ බන්..." 

මේ වගේ කතා බහවල් සෑහෙන්න කරල, ඇහිල, දැකල ඇති හැමෝම වගේ‍...

මේකෙ තේරුම තමයි, තමන්ට දැන ගන්න ඕන අදාල පාර්ශවයේ ‍මොබයිල් ෆෝන් එක වැඩද නැද්ද කියල අනික් පාර්ශවගේ අනු දැනුමකින් තොරව... ඉතින් මේකට හොඳම විසඳුම තමයි PING SMS..
ඒ වගේම සාක්ෂි ඉතුරු නොවන විදියට SMS යවන්න ඕන නම් ඒකට හරියන්නෙ FLASH SMS තමයි ඉතින්. ඒ SMS එකක් එක පාරක් කියෙව්වට පස්සෙ ආයෙ බලන්න බෑ... ඒ කියන්නෙ inbox එකේ save වෙන්නෙ නෑ කියන එකයි...

Thursday, January 13, 2011

ගින්දර යටින් හිම - 02

ඉතින් මා සමඟ කණියා ගමන් ගත් කරත්තය නිරන්තරයෙන් පැද්දෙමින්, අයිස් මිදුනු ඇල මාර්ග හරහා සහ අයිස් මිදුනු කුඹුරු හරහා ගමන් කළේ ලතාවකටය. විටෙක සෙමින් විටෙක වේගයෙන් හමා යන ඝණ ශීත සුලඟ අප ගමන් ගත් කරත්තය අසලින් හමනා විටදී මේ ඉන්නේ උත්තරත්ධ්‍රවයේ දැයි සිතෙයි... කෝ මේ කණියා? හනේ හපොයි. මේ මනුස්සය හොඳටම නිදි. ඔහුව නින්දෙන් අවදි කිරීමට සිතුනත් තැවතත් ඒ සිතිවිල්ල වෙනස් කරගෙන ඝණ කබායකින් මා හොඳට පොරවාගෙන කරත්තය පැදගෙන ගියෙමි.

ගින්දර යටින් හිම - 01

හිමිදිරි උදේ අවදිවන විටම, අඩක් විවර වී තිබූ ජනේල පියන්පතෙන් එපිට මා දුටුවේ කෙළිදෙළෙන් හිම ක්‍රීඩාවන් හි නිරත වෙන කුඩා ළමයින් ය. දෑස් අදහා ගත නොහැකි වූ ඒ දර්ශණය නිසා මා ඇ‍‍ඳෙන් බැස ගොස් ක්‍ෂණිකව බැලූයේ උෂ්ණත්ව මානයයි. අහෝ උෂ්ණත්වය -2 °C ‍ට අඩුවී ඇති බව දුටු විගසම මා මාගේ ග‍‍ඩොල් බාගයක් වැනි කුඩා දුරකථනය ගෙන කණියා ටත් ඉගා ටත් ඇමතුවෙමි. හදිසියේ ඇතිවූ මේ අයහපත් කාලගුණය නිසාදෝ දෙදෙනාගේම දුරකථන නාද නොවුණි. එය මා හට ප්‍රීති ජනක කරුණක් නොවූයෙන්, ඉක්මනටම මා ඔවුන්ගේ නිවෙස් බලා යන්නට ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ හිම කරත්තයකට නැග ගත්තෙමි. එදින ඉවසා ගත නොහැකි තරම් වූ ඝණ ශීතලක් පැවතියද, මා මොවුන්ගේ නිවෙස් බලා ගමන් ආරම්භ කළෙමි.

Sunday, December 26, 2010

කුකුල් මස් හා සමාජය

අද ලංකාවෙ ඉන්න සමහරුන්ට නම් තුන් වේලටම කුකුල් අණ්ඩක් වත් නැතුව කෑවොත් නොකෑවා හා සමානයි. එක්කො බැදල, තම්බල, කිරට, මිරිසට, මේ කොහොම හරි ඒ උදවියට ඕනා කරන්නේ දිව පනවීමට මිසක් අන් කවර කරුණක් වත් නොවේ. මාංශ ආහාරයට ගැනීම වරදක් යැයි මා පවසන්නේ නැත. නමුත් මා හුවා දක්වන්නේ කුකුල් මස් ගැනය.

Recent News

www.sajiya.blogspot.com