Friday, June 25, 2010

Network Marketing and Pyramid Business

ම‍ට මේ ලිපිය ලියන්න හිතුනෙ ගොඩක් කට්ටියට Network Marketing සහ Pyramid ජාවාරම ගැන හරි හැටි අවබෝධයක් නැති හින්දයි. ගොඩක් අපේ ර‍ටේ මිනිස්සු දියුණු වෙන්න කියල හිතාගෙන මේ කියන Pyramid ව්‍යාපාර වලට අහු වෙලා බංකොලොත් වෙනව. මුලින්ම Network Marketing කියන සංකල්පය ලෝකෙට ආවත් එක්කම මේකෙ තියෙන සංකල්ප වැරදි විදියට පාවිච්චි කරල කරගෙන යන ව්‍යාපාර තමයි Pyramid ආකාරයේ ව්‍යාපාර කියල කියන්නෙ... දැන් වෙලා තියෙන්නෙ මොකක්ද හරි, මොකක්ද වැරදි කියල තේරුම් ගන්න බැරි තරමටව Pyramid ව්‍යාපාරත් දියුණු වෙලා... මේව නීතියෙනුත් තහනම්... ඒත තවම තැන තැන කරගෙන යනව.

Monday, June 14, 2010

මමත් Google Chrome වලට මාරු උනා...

නිකන් ඉන්න ගමන් එක එක ඒව කොර කොර අත්හදා බල බල ඉන්න වෙලාවක මටත් හිතුන නිකමට වගේ Google Chrome කියන එකත් මගේ කොම්පූටර් කට්ටට ඉන්ස්ටෝල් පාරක් දාල බලන්න...
මෙන්න අහගන්නකො සිද්ධිය...

Sunday, June 6, 2010

මගේ Combo Drive එකට වෙච්ච දෙයක්

අද ම‍ට මාර සීන් එකක් උනේ. අද මම කණියා ගෙ ගෙදර ගිහින් උගෙ මල්ලිගෙ Empty DVD සෙට් එකෙන් DVD 2ක් ගල් කරල, මම කණියා ගෙ ලැපෙන් TV Series එකක් ඒ 2 ට Write කර ගත්ත. ඒ 24 Hours කියන එක.

අද මම අපේ ගෙදර ඇවිත් PC එක ඔන් කරල එක DVD එකක් දාල බලන්න රෙඩි උනා... මෙන්න බොලේ මගේ සන්තකේටම කෝකටත් තෛලය වගේ තිබ්බ Combo Drive එකේ DVD Read කරන්නෙ නෑ. මගුලයි... මම අපේ ගේ පුරා හොයල හොයල මගේ පට්ට පරණ Cleaning CD එකයි අර මොනවදෝ පුරවල තියෙන කුප්පියයි හොයා ගත්ත. ඊට පස්සෙ ඒව ඒ CD එකට වක් කරල Cleaning පාරක් බය නැතුව කරා. දැන් එළ කිරි වගේ මගේ Cleaning CD එකේ තියෙන Tracks ටික ප්ලේ වෙනව. මාර කේස් එක කියන්නෙ, අනික් කිසිම CD/DVD එකක් වැඩ නෑ. Cleaning CD එකේ තියෙන ට්‍රැක් ටික විතරමයි වැඩ කරන්නෙ..
අ‍නේ මට උනු වැඩක් :(

Friday, June 4, 2010

එක එක Google Logo

මේ කට්ටිය හිනා වෙන්න නම් එපා.. මේක මම ටික කාලෙක ඉඳල කරගෙන යන විනෝදාංශයක්... ඒ තමයි, කාලෙන් කාලෙට Google කට්ටිය වෙනස් කරන, එයාලගෙ Logo...
මෙන්න කිහිපයක්...

තව ඕනද? :P

Wednesday, June 2, 2010

Show current music track on Gtalk

 මේ මොකක්ද මේ? කොහොමද අපි මේ වෙලාවෙම අහ අහ ඉන්න සිංදුව අනිත් online ඉන්න Gtalk Friends ලට Status එක විදිය‍ට පෙන්නන්නෙ?

මේ වැඩේ නම් ගොඩක් කස්ටිය දන්නව.. ඒත් මට‍ හිතුන මේ වැඩේ කරන්නෙ කොහොමද කියල පෝස්ට් කරන්න.. ඒත් ගොඩක් කස්ටියගෙ winamp එකට මේක වැඩ කරාට, media player එකට වැඩ කරන්නෙ නෑ.. ඒක කරන්නෙ මෙහෙමයි...

ඔන්න එහෙනම් වැඩේට සෙට් වෙන්න..
හරිම සිම්පල් සිද්ධියක් මේක...



Recent News

www.sajiya.blogspot.com