ඉතින් මා සමඟ කණියා ගමන් ගත් කරත්තය නිරන්තරයෙන් පැද්දෙමින්, අයිස් මිදුනු ඇල මාර්ග හරහා සහ අයිස් මිදුනු කුඹුරු හරහා ගමන් කළේ ලතාවකටය. විටෙක සෙමින් විටෙක වේගයෙන් හමා යන ඝණ ශීත සුලඟ අප ගමන් ගත් කරත්තය අසලින් හමනා විටදී මේ ඉන්නේ උත්තරත්ධ්‍රවයේ දැයි සිතෙයි... කෝ මේ කණියා? හනේ හපොයි. මේ මනුස්සය හොඳටම නිදි. ඔහුව නින්දෙන් අවදි කිරීමට සිතුනත් තැවතත් ඒ සිතිවිල්ල වෙනස් කරගෙන ඝණ කබායකින් මා හොඳට පොරවාගෙන කරත්තය පැදගෙන ගියෙමි.
Thursday, January 13, 2011
ගින්දර යටින් හිම - 01
හිමිදිරි උදේ අවදිවන විටම, අඩක් විවර වී තිබූ ජනේල පියන්පතෙන් එපිට මා දුටුවේ කෙළිදෙළෙන් හිම ක්‍රීඩාවන් හි නිරත වෙන කුඩා ළමයින් ය. දෑස් අදහා ගත නොහැකි වූ ඒ දර්ශණය නිසා මා ඇඳෙන් බැස ගොස් ක්‍ෂණිකව බැලූයේ උෂ්ණත්ව මානයයි. අහෝ උෂ්ණත්වය -2 °C ට අඩුවී ඇති බව දුටු විගසම මා මාගේ ගඩොල් බාගයක් වැනි කුඩා දුරකථනය ගෙන කණියා ටත් ඉගා ටත් ඇමතුවෙමි. හදිසියේ ඇතිවූ මේ අයහපත් කාලගුණය නිසාදෝ දෙදෙනාගේම දුරකථන නාද නොවුණි. එය මා හට ප්‍රීති ජනක කරුණක් නොවූයෙන්, ඉක්මනටම මා ඔවුන්ගේ නිවෙස් බලා යන්නට ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ හිම කරත්තයකට නැග ගත්තෙමි. එදින ඉවසා ගත නොහැකි තරම් වූ ඝණ ශීතලක් පැවතියද, මා මොවුන්ගේ නිවෙස් බලා ගමන් ආරම්භ කළෙමි.
Labels:
ගින්දර යටින් හිම කතාව
Recent News
www.sajiya.blogspot.com