Sunday, December 26, 2010

කුකුල් මස් හා සමාජය

අද ලංකාවෙ ඉන්න සමහරුන්ට නම් තුන් වේලටම කුකුල් අණ්ඩක් වත් නැතුව කෑවොත් නොකෑවා හා සමානයි. එක්කො බැදල, තම්බල, කිරට, මිරිසට, මේ කොහොම හරි ඒ උදවියට ඕනා කරන්නේ දිව පනවීමට මිසක් අන් කවර කරුණක් වත් නොවේ. මාංශ ආහාරයට ගැනීම වරදක් යැයි මා පවසන්නේ නැත. නමුත් මා හුවා දක්වන්නේ කුකුල් මස් ගැනය.

Friday, December 17, 2010

My Passport

මම මගේ පාස්පෝට් එක හදන්න දුන්න දැනට සති 2කට කලින් විතර :P ඔන්න අද ගෙදරටම ගෙනත් දුන්න ඒක. රට යන්න එහෙම නෙමෙයි ඒක හැදුවෙ. මගේ යාළුවෙකුට ඔන උනා පාස්පෝට් එක හදන්න. මටත් හදන්න කියල සෑහෙන්න කිව්ව. ඉතින් ඔන්න ඔහේ කියල හදන්න භාර දුන්න. කොහොම හරි ඒකත් හදා ගත්තනෙ. ඕක කවද හරි ඕන වේවිනෙ. :P

Saturday, August 7, 2010

නැවත හමුවීම...

කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උන නිසා තමයි මේ ලියන්නෙ ! :D සින්ඩි වලින් නැත්තම් මගේ blog එක අහක් කරොත් එහෙම මාර අප්සට් එකනෙ වෙන්නෙ. :D මේ දවස් වල ‍ෆුල් බිසී මචෝ. බලමු..... ෆ්‍රී ටයිම් එකක් ආවොත් මොකක් හරි වැදගත් දෙයක් හිතුනොත් ඒක පෝස්ට් කරන්නම් :D එතකල් මම එන තුරු බලා සිටින්න.... සී යූ .... :D

Tuesday, July 6, 2010

ඔන්න මගේ driving licence එක ආවා

ඔන්න අද පෙරවරු 10.00 ට විතර ලියුම් බෙදන අංකල් ඇවිත් එයාගෙ බෙල් එක වාදනය කරා... :D ගිහින් බැලින්නම් මගේ driving licence එක. අවුරුද්දකට විතර පස්සෙ තමයි මාව මතක් වෙලා තියෙන්නෙ.


ඌට තෑන්කස් කියල ලියුම කඩල බැලින්නම් Licence එක ඇවිත් තිබුනෙ බෝනස් වාහනේකුත් එක්කමයි. :D


ඒ තමයි ලෑම්ප් මාස්ටර් එක :P
මගේ ටෙම්පරියට ආයුබෝ වේවා !!! :D

Friday, June 25, 2010

Network Marketing and Pyramid Business

ම‍ට මේ ලිපිය ලියන්න හිතුනෙ ගොඩක් කට්ටියට Network Marketing සහ Pyramid ජාවාරම ගැන හරි හැටි අවබෝධයක් නැති හින්දයි. ගොඩක් අපේ ර‍ටේ මිනිස්සු දියුණු වෙන්න කියල හිතාගෙන මේ කියන Pyramid ව්‍යාපාර වලට අහු වෙලා බංකොලොත් වෙනව. මුලින්ම Network Marketing කියන සංකල්පය ලෝකෙට ආවත් එක්කම මේකෙ තියෙන සංකල්ප වැරදි විදියට පාවිච්චි කරල කරගෙන යන ව්‍යාපාර තමයි Pyramid ආකාරයේ ව්‍යාපාර කියල කියන්නෙ... දැන් වෙලා තියෙන්නෙ මොකක්ද හරි, මොකක්ද වැරදි කියල තේරුම් ගන්න බැරි තරමටව Pyramid ව්‍යාපාරත් දියුණු වෙලා... මේව නීතියෙනුත් තහනම්... ඒත තවම තැන තැන කරගෙන යනව.

Monday, June 14, 2010

මමත් Google Chrome වලට මාරු උනා...

නිකන් ඉන්න ගමන් එක එක ඒව කොර කොර අත්හදා බල බල ඉන්න වෙලාවක මටත් හිතුන නිකමට වගේ Google Chrome කියන එකත් මගේ කොම්පූටර් කට්ටට ඉන්ස්ටෝල් පාරක් දාල බලන්න...
මෙන්න අහගන්නකො සිද්ධිය...

Sunday, June 6, 2010

මගේ Combo Drive එකට වෙච්ච දෙයක්

අද ම‍ට මාර සීන් එකක් උනේ. අද මම කණියා ගෙ ගෙදර ගිහින් උගෙ මල්ලිගෙ Empty DVD සෙට් එකෙන් DVD 2ක් ගල් කරල, මම කණියා ගෙ ලැපෙන් TV Series එකක් ඒ 2 ට Write කර ගත්ත. ඒ 24 Hours කියන එක.

අද මම අපේ ගෙදර ඇවිත් PC එක ඔන් කරල එක DVD එකක් දාල බලන්න රෙඩි උනා... මෙන්න බොලේ මගේ සන්තකේටම කෝකටත් තෛලය වගේ තිබ්බ Combo Drive එකේ DVD Read කරන්නෙ නෑ. මගුලයි... මම අපේ ගේ පුරා හොයල හොයල මගේ පට්ට පරණ Cleaning CD එකයි අර මොනවදෝ පුරවල තියෙන කුප්පියයි හොයා ගත්ත. ඊට පස්සෙ ඒව ඒ CD එකට වක් කරල Cleaning පාරක් බය නැතුව කරා. දැන් එළ කිරි වගේ මගේ Cleaning CD එකේ තියෙන Tracks ටික ප්ලේ වෙනව. මාර කේස් එක කියන්නෙ, අනික් කිසිම CD/DVD එකක් වැඩ නෑ. Cleaning CD එකේ තියෙන ට්‍රැක් ටික විතරමයි වැඩ කරන්නෙ..
අ‍නේ මට උනු වැඩක් :(

Friday, June 4, 2010

එක එක Google Logo

මේ කට්ටිය හිනා වෙන්න නම් එපා.. මේක මම ටික කාලෙක ඉඳල කරගෙන යන විනෝදාංශයක්... ඒ තමයි, කාලෙන් කාලෙට Google කට්ටිය වෙනස් කරන, එයාලගෙ Logo...
මෙන්න කිහිපයක්...

තව ඕනද? :P

Wednesday, June 2, 2010

Show current music track on Gtalk

 මේ මොකක්ද මේ? කොහොමද අපි මේ වෙලාවෙම අහ අහ ඉන්න සිංදුව අනිත් online ඉන්න Gtalk Friends ලට Status එක විදිය‍ට පෙන්නන්නෙ?

මේ වැඩේ නම් ගොඩක් කස්ටිය දන්නව.. ඒත් මට‍ හිතුන මේ වැඩේ කරන්නෙ කොහොමද කියල පෝස්ට් කරන්න.. ඒත් ගොඩක් කස්ටියගෙ winamp එකට මේක වැඩ කරාට, media player එකට වැඩ කරන්නෙ නෑ.. ඒක කරන්නෙ මෙහෙමයි...

ඔන්න එහෙනම් වැඩේට සෙට් වෙන්න..
හරිම සිම්පල් සිද්ධියක් මේක...



Thursday, May 27, 2010

ඔබ සැම‍ට වෙසක් ආසිරි !!!

අද අපි හැමෝටම සුවිශේෂ දිනයක්... මම හිතන්නෙ දැනටමත් අපේ යාළුවො සමහරක් දෙනා සිල් සමාදන් වෙන්න ගිහින් ඇති.. සමහරක් දෙනා දැම්මම දන්සැල් වඳින්න ගිහින් ඇති.. ඒ කොහොම උනත් ඔයාල හැමෝටම  
තෙරුවණ් සරණයි !!!


කොහොම හරි අද ම‍ට හොඳටම උන.. ඇඳට වෙලාම තමයි ඉන්නෙ. මේ ලිපිය පෝස්ට් කරන්නම ඕන නිසා බොහොම අ‍මාරුවෙන් නැගි‍ටල පෝස්ට් කරේ...

Saturday, May 22, 2010

Kaspersky Patch - Never Going to Blacklist නියමයි

ආ... කොහොමද කස්ටියට? :P

ඊයෙ PacMan තලල තලල සෑහෙන්න මහන්සි ඇති නේද?මෙන්න එහෙනං මගෙන් පොඩි තෑග්ගක් !!! හැබැයි ස‍මහරු නම් දන්නවත් ඇති. ඒත් මට හිතුන මේ වැඩේ දන්නෙ නැති අයත්‍ ගොඩක් ඇති කියල.. හැබැයි මම කියන්නම ඕන, මේක මගේම සොයාගැනීමක් නම් නෙමෙයි. Original English Post එක මම දැක්ක එළකිරි ‍ෆෝරම් එකේ. ලින්ක් එක නම් මතක නෑ. ඒත් මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන හින්ද ඔන්න මමත් මේක පෝස්ට් කරනව... !!!
මේක බලන්න...


කොහොමද ආතල් එක????

License එකේ දවස් කොච්චර තියෙනවද කියල කට්ටිමටම පේනන ඇති...
ඒක නෙමෙයි හොඳම ආතල් එක...
මේ Kaspersky Key එක කවදාවත් blacklist වෙන්නෙ නෑ කිව්වොත් පිළිගන්නවද??? මරුනෙ යකෝ... !!!

කොහොමද බන් මේක කරන්නෙ?  මෙන්න මෙහෙමයි තරන්නෙ............




Google Pac Man - පට්ට !

මෙන්න මරු ආතල් එකක්. මම මේක දැන් ටිකකට කලින් දැක්කෙ... :D

අද Pac Man Game එකේ Anniversary එකලු :P මෙන්න Google කස්ට්ය ඒ හින්ද එයාලගෙ Logo එක වෙනුවට Pac Man Game එක දාල.

Play කරන්නත් පුළුවන්. මම මේ පැයක් විතර play කරා. :D

මොකද නිකන් දවස් වලට play කරනවට වඩා, Anniversary එක දවසෙ play කරන එකෙත් පොඩි ආතල් එකක් තියෙනව කියල මම අහල තියෙනව !! :D

Thursday, May 20, 2010

Facebook නොමිලේ යන්න.

මෙන්න නියම චාන්ස් එකක් Mobitel වෙතින්. Facebook නොමිලේ Brows කරන්න පුළුවන්ලු..
මම මේක දැක්කෙ www.mobitel.lk වෙබ් අඩවියෙන්...

කොහොමද වැඩේ? :D එළ නේද? ඒත් PC එකට සම්බන්ධ කරල Full Page එකට යන්න බැරිද දන්නෙ නෑ... පොඩ්ඩක් හොයල බලල කමෙන්ට් එකක් දාන්නකො...

Monday, May 17, 2010

Java පා‍ඩම - දින - 1

හායි..... මේ දවස් වල හරියට කම්මැලී මට නම්. දවල් වරුවෙ වැඩක් මොකුත් නැත්නම් හොඳට නිදියන එක තමයි මාත් කරන්නෙ. ඉතින් මෙහෙම ඉන්න එකේ, මටත් හිතුන අළුත් වැඩක් පටන් ගන්න... ඔන්න ඔහේ නිකන් ඉන්න එකේ, මොනව හරි ප්‍රයෝජනයක් තියෙන වැඩක් කරොත් හොඳයි කියල හිතුන හින්ද තමයි මේ වගේ වැඩක් මටත් කරන්න හිතුනෙ....

අපේ කොල්ලො කෙල්ලො දැනටමත් අහල ඇති JAVA කියල එකක්. සමහර විට එළටම දන්නවත් ඇති. ‍ගොඩක් කට්ටිය වැඩිය දන්නෙ නැති හින්ද, අළුත්ම වැඩක් අළුත්ම තාලෙට අපේම භාෂාවෙන් ‍ප‍ටන් ගත්තොත් හොඳයි කියල මට හිතුන. ඉතින් මට මේ කරන්න හිතුනෙ මුලම ඉඳන්, පොඩියට JAVA පාඩම් පෙළක් කරගෙන යන්න...

කට්ටිය මොකද හිතන්නෙ?

කොහොම කොහොම හරි අදම ඔයාලගෙ පළමු පා‍ඩම පටන් ‍ගන්නව. හැමෝටම සහභාගි වෙන්න පුලුවන්...

මුලින්ම මේක මම කියන්න ඕන. මම JAVA පාඩම මුල ඉඳලම පටන් ගත්තත්, ඉතිහාස ක‍තා නම් ඔන්න කියන්න යන්නෙ නෑ... මොකද මොනව හරි Detail එකක් වැරදුනොත් එහෙම, ඒක JAVA නිර්මාතෘට කරන ලොකු අ‍‍ගෞරවයක් වෙනව...
හොඳයි, ඔක්කොටම කලින් ඔයාලගෙ පරිගණක වලට JAVA ස්ථාපිත කරගන්න ඕන නේද...
ඒ සඳහා මෙන්න මේ LINK එක පාවිච්චි කරන්න....

http://java.sun.com/javase/downloads/widget/jdk6.jsp

ඒක සම්පූර්ණයෙන්ම Download කර ඉවර උනාට පස්සෙ, ඒක Install කරන්න. Install කරල ඉවර උනාට පස්සෙ ඔයාලට කරන්න වැඩක් තියෙනව...
මේ පියවර අනුගමනය කරන්න...

Start > Run > Type "cmd" and Enter !

දැන් ඔයාලට Microsoft DOS අතුරු මුහුණත පේනව ඇති.

එය මත "java" හෝ "javac" යනුවෙන් Type කර, Enter කරන්න. මෙහෙම කරන්නෙ JAVA path ‍හරිද කියල බලන්නයි... මෙවිට ඔයාලට දිස් වෙයි Error Message එකක්... මෙහි තේරුම නම්, JAVA සඳහා ඔයා තාමත් සූදානම් නෑ කියන එකයි. (Path is successfully not created) එහෙම නැතත් වැඩ කරන්න පුළුවන්. ඒක මම ඉදිරි ලිපියකදි කියල දෙන්නම්...
ඔයා JAVA ස්ථාපිත කරේ කොතනටද? මම නම් D:\Program Files\Java\jdk1.6.0_16\bin යන Path එක තුලටයි Install කලේ.. ඔයා මෙම Path එක Bin folder එක තෙක් කොපි(Copy) කර ගත යුතුයි.

දැන් මේ පියවර අනුගමනය කරන්න...

My Computer මත Right Click කර Properties තෝරා ලැබෙන Window එකෙන් Advance Tab එක තෝරා, එහි ඇති Environment Variables බොත්තම තද කරන්න.

ලැබෙන Dialog Box එකෙහි, System variables යටතේ ඇති Variable හි "Path" තෝරා Edit ‍කර, එහි Variable name එසේම තිබියදී, Variable value හි දැනට ඇති සියළු දේ එසේ තිබියදී, එහි අවසානයෙහි ";" ලකුණ (without double quotation) ‍යොදා, ඔයා කලින් Copy කර ගත් Path එක එය අව‍සානයෙහි Paste කර, OK කරන්න...

දැන් වැ‍ඩේ ඉවරයි... ආපහු DOS Command එක විවෘත්ත කර "java" හෝ "javac" Type කර බලන්න... දැන් තිරයේ JAVA HELP ‍‍තොරතුරු රාශියක් දිස් වෙයි නම් ඔයාගෙ වැඩේ ‍සාර්තකයි..

ඔයාගෙ ගැටළු ලියන්න අමත‍ක කරන්න එපා... 
වැඩේ හරි නම් කියන්න.. ඊලඟ ලෙටර් එක දාන්නම්...



(මෙම ලිපිය EKENMA.COM වෙත ලියූ ලිපියෙහි පි‍ටපතකි.)

Sunday, May 16, 2010

‍සෙලාන් Debit Card

මචන්  :D

මම Debit card එකක් ගත්ත Seylan Bank එකෙන්. ඒකෙ අන්තර්ජාලයේ ගණුදෙනු  කරන්න පුළුවන්...:D ඔයාලට පේනව ඇති MasterCard කියලත් ගහල තියෙනව.

අවම ගා‍ස්තු Rs: 500/= කින් ගිනුමක් විවෘත්ත කරල වැඩේ පටන් ගන්න පුළුවන්. එවෙලෙම කාඩ් පත අපිට දෙනව. හැබැයි රු: 200ක් කාඩ් එකට කැපෙනව. ඒක ඉතින් කරන්න දෙයක් නෑ...
Sampath bank එකේ Web Card එකට වඩා වාසී වගේ‍...

මම මේ Blog එකට ඩොමේන් එක ගත්තෙත් මේ කාඩ් එක පාවිච්චි කරල. තව මගේ යාළුවො එහෙම ebay එකෙන් එක එක දේවල් එහෙමත් අරගත්ත. web card එක වගේ නෙමෙයි... මේ‍ක ‍පාවිච්චි කරල food city, එකෙන් වගේ බඩු ගන්නත්, ATM Machine එකෙන් ඕන වෙලාවට සල්ලි ගන්න එහෙමත් පුළුවන්. ඔයාලන් අරන් බලන්න.

මේක ගන්න වයස් භේදයකුත් නෑ මම හිතන්නෙ. රැකියාවක් කරන්න අත්‍යවශ්‍යම නෑ.

Thursday, May 13, 2010

අද ක්‍රිකට් මැච් එක

කොල්ලනේ, අද නේද ලංකාවයි එංගලන්තයයි මැච් එක. කොහොම හරි අපේ අයියල සෙමි ෆයිනල් එකටත් සිලෙක්ට් උනා නේද... ගේම තියෙන්නෙ ඕස්ට්‍රේලියාව එක්ක තමයි. අද කවුරු දිනයිද මචං ? ? ?

මම ඩොමේන් එකක් ගත්ත.

ආ... කොහොමද කස්ටිය...? මම ඊයෙ ඩොමේන් එකක් ගත්ත. www.sajinet.com එක ගත්තෙ. ඒත් www.sajinet.info එකත් නොමිලේම හම්බුනා. මේ එන 23 වෙනිද වෙනකන් විතරයි මේ දීමනාව දෙන්නෙ.
www.godaddy.com පැත්තෙ ගිහින් බලන්න හැමෝ‍ම. කොහොම හරි ඩොමේන් 2ක් හම්බුන හින්ද මම බ්ලොග් එකට .info එක දැම්ම ඊයෙ. ඔන්න අද උදේ වෙනකොට ඒකත් හරි ගිහින්... මේ ඩොමේන් එක ගත්තට පස්සෙ ලියන පළවෙනි ලෙටර් එක !

Tuesday, February 16, 2010

මම ආයෙත් ආව.

මෙච්චර කාලමක් Blog එක ලියන්න බැරි උනාට සොරි වෙන්න ඕන.. :( ඹන්න මම ආපහු පටන් ගත්ත මේක ලියන්න. :)

Recent News

www.sajiya.blogspot.com