Friday, June 25, 2010

Network Marketing and Pyramid Business

ම‍ට මේ ලිපිය ලියන්න හිතුනෙ ගොඩක් කට්ටියට Network Marketing සහ Pyramid ජාවාරම ගැන හරි හැටි අවබෝධයක් නැති හින්දයි. ගොඩක් අපේ ර‍ටේ මිනිස්සු දියුණු වෙන්න කියල හිතාගෙන මේ කියන Pyramid ව්‍යාපාර වලට අහු වෙලා බංකොලොත් වෙනව. මුලින්ම Network Marketing කියන සංකල්පය ලෝකෙට ආවත් එක්කම මේකෙ තියෙන සංකල්ප වැරදි විදියට පාවිච්චි කරල කරගෙන යන ව්‍යාපාර තමයි Pyramid ආකාරයේ ව්‍යාපාර කියල කියන්නෙ... දැන් වෙලා තියෙන්නෙ මොකක්ද හරි, මොකක්ද වැරදි කියල තේරුම් ගන්න බැරි තරමටව Pyramid ව්‍යාපාරත් දියුණු වෙලා... මේව නීතියෙනුත් තහනම්... ඒත තවම තැන තැන කරගෙන යනව.

මම මේ කියන්න යන්නෙ කවුරු හරි කෙනෙක් මේ වගේ එකකට අහු වෙලා තියෙනවනම් ඒකෙන් මිදෙන්නයි.. මොකද නොදැනුවත් කම හින්ද මේවට අහු වෙලා විනාශ උනාම ජීවි‍ත කාලෙම රටටම ණය වෙවී තමයි ඉන්න වෙන්නෙ. එකම එක පුද්ගලයෙක් විතරයි ආදායම් ලබන්නෙ. හැබැයි Network Marketing කරාට නම් කිසි වැරැද්දක් නෑ... මේකෙදි නම් උත්සාහවන්තයා ජය ගනී කියන කියමන තමයි ක්‍රියාත්මක වෙන්නෙ..

මේ ඕනම ව්‍යාපාරයක් පවත්වගෙන යන්න නම්, මොනව හරි නිපැයුමක් (Products) ඕන වෙනව. බොහෝ වශයෙන් භාවිතා කරන්නේ විදේශයකින් ගෙනෙන ලද මොනව හරි දෙයක්... ඉතින් මේ කරුණු ටික කියවන්න.. මේ කරුණු අදාල වෙන්නේ Network Marketing වලටයි...

  • අදාල විදේශ ර‍ටේ පවත්වාගෙන යන Company එකෙහි ප්‍රධාන ශාඛාවක් මෙරට තිබිය යුතුය.
  • එම රටේ පවත්වාගෙන යන නමම මෙරටදීද භාවිතා කළ යුතුය.
  • එම අදාල රටේ නියෝජිතයෙක් මෙරටේද සිටිය යුතුය.
  • පවත්වාගෙන යනු ලබන නිපැයුමෙහි නිසි ව‍ටිනාකමට සරිලන මිලක් තිබිය යුතුය.
  • අදාල භාණ්ඩ, පාවිච්චියට සුදුසු ඒවා විය යුතුය.
  • ආදායම් ලැබීමේදී, දෙපස සමබර ආකාර නොවිය යුතුය.(දෙප‍ස සමබර නොවූයේ නම් ආදායම් ලැ‍බෙන්නේ නැත. මේවා binary ආකාරයේ business ලෙසද හඳුන්වයි.)
  • මෙරට තුළ රජය තුළ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • පවත්වාගෙන යනු ලබන රටේ භාවිතා වන මුදල් ඒකකයෙන් ගෙවීම් සිදුකළ හැකි විය යුතුයි. (මෙරටදී නම් රුපියල් ශත වලින්)
  • මුදල් බැර කිරීමේදී, රජයට අදාල බදු කපාගත හැකි යන පරිදි, ලියාපදිංචි රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් හරහා අදාල ගණු දෙනු සිදුවිය යුතුය. (ඔන්ද ස්පොට් අතට සල්ලි නම් බඩුම තමා :D )
මේ කරුණු වලින් එකක් හො ක්‍රියාත්මක නොවේ නම්, විමසිලිමත් වන්න. එය පිරමිඩාකාර ව්‍යාපාරයකි...
මේවා මහ බැංකු වාර්තාවේ සඳහන් වන කරුණු වේ... ශ්‍රී ලංකාවෙ දැනට සාර්තකව ක්‍රියාත්මක වෙනව Network Marketing ව්‍යාපාර 3ක් පමණ. හොඳට හොයල බලල කරන දෙයක් කරන්න...

7 comments:

Anonymous said...

මම මුකුත් නොකියමි :D

Unknown said...
This comment has been removed by a blog administrator.
Sajith said...

අම්බෝ... @රොෂාන්, ඔය කියන කොම්පැණිය රජයේ ලියාපදිංවි කරල නම් තියෙන්නෙ, අපහාස නඩුවක් දැම්මොත් මාත් ඉවරසි, උඹත් ඉවරයි මචං... forums වල වගේ edit කරන්න බැරි නිසා delete කරනව sorry මචං.. මේ කරුණු ටික ඕන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි... ඒ උනාට අපිත් ඇඟ බේරගන්න එපැයි...

Kanishka said...

නිසි ව‍ටිනාකමට සරිලන මිලක් තියේද?? අන්න ඒක ගැටලුවක්..

Sajith said...

@කණිෂ්ක, එක කරුණක් හරි කැ‍ඩෙනව නම් රජය විසින් අදාල ව්‍යාපාරය එම රටෙන් තහනම් කරනව

Suranjith said...

Tiens Marketing Scams gena hoda thread ekak Elakiri eke thibba ...
http://www.elakiri.com/forum/showthread.php?t=889972

Anonymous said...

puthaala tika ahu una neda hora business ekata? okane mama kalinma shape une.. hik hik. :p

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com