Thursday, January 13, 2011

ගින්දර යටින් හිම - 02

ඉතින් මා සමඟ කණියා ගමන් ගත් කරත්තය නිරන්තරයෙන් පැද්දෙමින්, අයිස් මිදුනු ඇල මාර්ග හරහා සහ අයිස් මිදුනු කුඹුරු හරහා ගමන් කළේ ලතාවකටය. විටෙක සෙමින් විටෙක වේගයෙන් හමා යන ඝණ ශීත සුලඟ අප ගමන් ගත් කරත්තය අසලින් හමනා විටදී මේ ඉන්නේ උත්තරත්ධ්‍රවයේ දැයි සිතෙයි... කෝ මේ කණියා? හනේ හපොයි. මේ මනුස්සය හොඳටම නිදි. ඔහුව නින්දෙන් අවදි කිරීමට සිතුනත් තැවතත් ඒ සිතිවිල්ල වෙනස් කරගෙන ඝණ කබායකින් මා හොඳට පොරවාගෙන කරත්තය පැදගෙන ගියෙමි.
දැන් නම් ඉගාෂ් ‍ගෙ නිවෙස පිහිටා තිබෙන කඳු වැටිය කෙමෙන් කෙමෙන් ලං වෙනවා වගේ. වෙනදා ට නම් වලා කුළු අස්සෙන් ඒ කඳු වැටිය ලාවට වාගේ පෙනුනත්, අද දින නම් කිසිම ඡායාවක් නැත. ඒ ඝණ හිම පතනය නිසාය. අප ගමන් ගන්නා මාර්ගය දෙපස වැවී තිබූ නොයෙක් පඳුරු අස්සෙන් හිම වලසුන් දිව යන්නේ අප ගමන් ගන්නා කරත්තයේ රෝදයෙන් ඇතිවූ කිරි කිරි ශබ්ධය නිසා විය හැක. නොයෙකි විට බකමූණන් ද හම්.. හම්.. ලෙස හඞ නඟද්දී මුළු ඇඟම කිලිපොලා යයි. දැන් නම් ඉර අවරට ගොස් ය. දැන් ඉගාෂ් ගේ නිවසට ඇත්තේ සැතපුම් කාලක් වැනි කෙටි දුරකි. ඝණ ශීතල හිම පතනය එන්න එන්නම උත්සන්න වෙයි. විටෙක කණියා කෑ ගසාගෙන අවදි වෙන්නේ හීනයක් දැකීමෙනි යැයි සිතේ‍. නමුත් හේතුව එය නොවන බව මට වැටහුනේ ඉතා වේගයෙන් හමා යන සුළං පහර මගේ ඇ‍ඟේ වදිද්දී මටද කෑ ගැසීමට සිතෙන නිසාය.

ඉගාෂ්ගේ නිවෙස ලං වන විටම මා කරත්තයේ බැඳ තිබූ සීනුව නාද කළේ ඉගාෂ් ට කතා කිරීමට නොවේ. නිවෙස අවට ඒ වන විට දීර්ඝ කාලයක සිට නවාතැන් ගෙන සිටි බකමූණන් ටික පන්නා දැමීමටය. නමුත් ඒ ශබ්දය ඇසී ඉගාෂ් ඔහුයේ දිවසේ ඉදිරිපස දොර අඩවන් කළේ සීනුව නාද වී විනාඩියකට පමණ පසුවය. ඔහු සුදුමැළි වී ගොසින් සිටියේය. මුහුණේ රැවුල දවස් ගණනකින් ඉවත් කර නොතිබුනි. ඒ වන විටත් කණියා තවම නිදිය. ඉතින් මා කරත්‍තයෙන් බැස ඉගාෂ් අසලට යාමට සැරසෙද්දී ම ඔහු මහ හඬින් බෙරිහන් දුන්නේ අන් කවර කරුණක් උදෙසා නොව, ඒ ඔහු ඔහුගේ ආරක්‍ෂාව සඳහා ගේ ඉදිරිපිට හාරා තිබූ විශාල බොරු වලට මා වැටේවි යැයි සිතා ය. එම බොරු වලේ තිබූ සිදුරකින් මා එබී බැලූ විට මා දුටුවේ අඩි 10 ක් පමණ විශාල වලකි. ඉගා ගේ කෑ ගැසීම් ශබ්දය අසා කණියාද මේ වෙනකොට බොරු වල අසල සිටිනු මා දුටුවෙමි. කණියා දුටු විටම මට මතක් වුනේ මමයි කණියයි කුඩා අවදියේ ග්‍රීස්ම ‍ඍතුවේ බළල්ලුන්ට බොරුවලවල් හාරා මහ දවාලේ අප දෙදෙනාම ඒ වළවල් වලටම වැටුනු ආකාරයයි.. අප තුන් දෙනාම කරත්තය මඩුවේ ගැට ගසා ඉගාෂ් ගේ නිවස තුලට ගියහ. ඒ යන විටත් ඔහු කර කර සිටින්නට ඇති දෙය දැක අප විශ්මිත වුණි. ඒ අන් කිසිවක් නොවේ ඔහු‍ගේ පෙට්ටගමක බහාලා තිබූ පෞරාණික පරිගණකයක් සාදමින් සිටි අයුරුයි. ඔහු අප දෙදෙනාට කසිප්පු කාළක් ගෙනවිත් කුඩා පොල් කටු දෙකකට වක් කර, ඉතිරිය තම උගුරේ හලා ගත්තේ අප දෙස පොඩි සිනාවක් ද ‍මවමිනි. අප දෙදෙනාද ඒ පොල් කටු දෙක උගුරේ හලා ගත්තේ එක හුස්මටය. එවිටම වාගේ නිවස පිටුපසින් ඇසුනු තියුණු කුඩා ශබ්දය නිසා අප තිදෙනාම නැගිට ලාම්පු තෙල් අවසන් වීගෙන යන ලන්තෑරුමක් ගෙන නිවෙස පිටුපසට එකා පසුපස එකා ගමන් ගත්‍තහ. ඉදිරියෙන් ඉගාෂ්ය. පිටුපසින්ම මමය. එක් විටම අප දුටු දෙයින් අප තිදෙනාම තැතිගතිහ. ඒ අප පැමිණි කරත්තය නන්නාදුනන හිස වහාලූ පුද්ගලයෙකු විසින් පැහැරගෙන යන අවස්ථාවය. දෙවරක් සිතුවේ නැත... ඉගාෂ් ඔහුගේ හදිසි අවස්ථා වලදී භාවිතයට ගන්නා ආම්පන්න බෑගය කරේ දමාගෙන විදුලි වේගයෙන් එළියට බැස්සේ අප දෙදෙනාවත් ඇදගෙනමය. අප දෙදෙනාත් එලියට පැමිණුනේ විදුලි වේගයෙනි. ඒ අපිව අදල ගත්ත වේගය නිසාමය. මංකොල්ල කරුවා අපට‍ ඔහුගේ මැද ඇඟිල්ල පමණක් ඉහලට ඔසවා පෙන්වා වේගයෙන් දිව යයි. අප තිදෙනාද ඔහු පසු පස දිව යාමට පටන් ගන්හ...

To be Continued...

5 comments:

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

අඩේ මෙක කියෙව්වාම ඇග රත් වෙනවා ..දිගටම ලියපන්

Ykani said...

මූ මාර පොරක් නෙ :D

Kanishka | කණියා said...

මහා බයානක නවකතා කරුවෙක්ද කොහෙද ලියන්නේ :D

igash said...

පට්ට... :D :D කණීයාගේ දිහා ඉඳන් අපේ දිහාට එන්න දවසක්ම යන එක තමා එකම අවුල... :P

Yasiru Theekshana said...

ලොවෙත් නැති කතාව බන්

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com