Thursday, January 13, 2011

ගින්දර යටින් හිම - 01

හිමිදිරි උදේ අවදිවන විටම, අඩක් විවර වී තිබූ ජනේල පියන්පතෙන් එපිට මා දුටුවේ කෙළිදෙළෙන් හිම ක්‍රීඩාවන් හි නිරත වෙන කුඩා ළමයින් ය. දෑස් අදහා ගත නොහැකි වූ ඒ දර්ශණය නිසා මා ඇ‍‍ඳෙන් බැස ගොස් ක්‍ෂණිකව බැලූයේ උෂ්ණත්ව මානයයි. අහෝ උෂ්ණත්වය -2 °C ‍ට අඩුවී ඇති බව දුටු විගසම මා මාගේ ග‍‍ඩොල් බාගයක් වැනි කුඩා දුරකථනය ගෙන කණියා ටත් ඉගා ටත් ඇමතුවෙමි. හදිසියේ ඇතිවූ මේ අයහපත් කාලගුණය නිසාදෝ දෙදෙනාගේම දුරකථන නාද නොවුණි. එය මා හට ප්‍රීති ජනක කරුණක් නොවූයෙන්, ඉක්මනටම මා ඔවුන්ගේ නිවෙස් බලා යන්නට ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ හිම කරත්තයකට නැග ගත්තෙමි. එදින ඉවසා ගත නොහැකි තරම් වූ ඝණ ශීතලක් පැවතියද, මා මොවුන්ගේ නිවෙස් බලා ගමන් ආරම්භ කළෙමි.
දුටුවන් මන බන්දන අයුරින් සෑම දිසාමකම කුඩා දරු දැරිවියෝ හිම බෝල සෙල්ලම් කරනව දැක්කම මාගේ සිත ක්‍ෂණයකින් දිව ගියේ කණියයි මායි වැලි බෝල සෙල්ලම් කළ කාලයටයි. (මතක් වෙද්දි පිස්සු කොර)අහෝ... නිවසට ලන් වත්ම දුටු දෙයින් හද කම්පා විය. කණියාගේ නිවසට අති විශාල අයිස් කුට්ටියක් පතනය වීම නිසා ඇතිවූ තත්වය පාලනය කිරීමට එහා මෙහා දිව යන ගිනි නිවන භටයන්ගෙන් "කෝ කණියා" කියල විමසූ විට ඔවුන් පැවසූවේ, නිවසේ වහලය සිදුරු වී ඇති බව තාම ඔහු නොදන්නා බවත් හා තාමත් කබරයෙකු මෙන් නිදි යහනේ වැතිරී ඇති බවය. (අනේ මම මුන්ගෙ ගෙදර ගිහින් කොර ගත්තු මෝඩ කමක්.) ඒ විගසම මම නැවතත් මා පැමිණි කරත්තයට නැග ගත්තෙමි. ඒ වන විටත් ඝණ ශීත නිසා අයිස් බැඳී තිබූ කරත්ත රෝද දෙක නියණක් ආධාරයෙන් අයිස් ඉවත් කිරීමට පටන් ගත් විගසමා මා දුටුවේ ඈත තියා බෙරිහන් දෙමින් කෑ ගසමින් මේ කරත්තය දිශාවට දිව එන කණියා ය. ඔහු පොරවන් සිටි ඇඳ ඇතිරිල්ලත් සමඟ‍ මෙදෙසට දිව ආ අයුරු මතක් වන විට මා හට එදිත තිබූ ඝණ ශීතත් අමතක වී යයි. කෙසේ හෝ මොහුගේ නිවසට මෙතරම් විපත්තියක් වී තිබුනද මොහු දිව විත් මා හට හතිලමින් පැවසූමේ "මචං, මාර කේස් එක... මගේ GPS පෝං එක හීතල වැඩි හින්දද කොහෙද බටොන්ස් එබෙන්නෙ නෑ" කියා ය. ඇඳ සිටි කුඩා සරම් කැබැල්ලත් හා ඔහුගේ GPS පෝං එකත් සමඟම ඔහුවත් කරත්තයට නංවා ගෙන මා ගමන් කළේ ඉගා ගෙ නිවෙස් පිහිටා තිබු කඳු වැටිය දෙසටයි....

To be Continued...

7 comments:

Anonymous said...

gu gode wam batu :D

igash said...

හෆ්ෆා... මූ අපිව විනාස කරලා... :D :D

Anonymous said...

ලොකු කණිය ගැන විතරද බැලුවේ ...පව් බන් පොඩි කණියා උබට යුතුකමක් තිබ්බා ඌ ගැනත් බලන්න

Sajith said...

පොඩි කණිය ගැන ඉස්සරහට :P

Ykani said...

අපිව එහෙම ගාවනව නෙවෙයි ඔන්න :D

Kanishka said...

හික්.. වරෙංකෝ :D

BANDARA said...

නරකම නැ හොද අරම්බයක් :P

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com