Sunday, December 26, 2010

කුකුල් මස් හා සමාජය

අද ලංකාවෙ ඉන්න සමහරුන්ට නම් තුන් වේලටම කුකුල් අණ්ඩක් වත් නැතුව කෑවොත් නොකෑවා හා සමානයි. එක්කො බැදල, තම්බල, කිරට, මිරිසට, මේ කොහොම හරි ඒ උදවියට ඕනා කරන්නේ දිව පනවීමට මිසක් අන් කවර කරුණක් වත් නොවේ. මාංශ ආහාරයට ගැනීම වරදක් යැයි මා පවසන්නේ නැත. නමුත් මා හුවා දක්වන්නේ කුකුල් මස් ගැනය.
අද සමාජයේ වැඩි වශයෙන්ම අළෙවි වන මාංශ වර්ගය කුකුල් මස් ය. එසේ කීවොත් මා නිවැරදියි. මෙසේ වැඩි වන අළෙවියත් සමඟම ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවනවාත් සමඟම මාංශ ව්‍යාපාරිකයො නොයෙක් උපක්‍රමයන්ට පෙලඹෙන්නට විය. එනම්, නියම කළට පැසෙන්න පෙරල ලබා ගන්නා ආහාර ක්‍රමෝපායන්ට නැඹුරු වීමයි. කොටින්ම කියතොත්, එදා අපේ සීයල, මුත්තල, ආහාරය සඳහා කුකුළෙක් මැරුව නම්, ඒ අවුරුද්දක් එකහමාරක් වැඩුනු කුකුළෙකි මරා දමන්නේ. නමුත් අද වන විට ඒ කුකුළාගේ ජීව කාලය දින 36 ක‍ට සීමා වී ඇත. තවත් නම් දරා ඇති ව්‍යාපාරිකයන් නම් මෙය දින 24 න් හා 16 න් ද කරන්නට පෙළඹී ඇත‍.

එදා කුකුළෙකු මැරූ විගස ඒ කුකුළා තම හිස නොමැතිව කඳ ද චලනය කරන්නේ ඒ උගේ තිබූ ජීව ශක්තිය නිසයි. නමුත් අද මරණයට නියම වී ඇති කුකු‍ල් කොටුවකට ගොස් හයියෙන් කෑ ගැසුවද කුකුළන් 10 ක් 15 ක් මැරී වැටෙන්නේ ඒ උන්ගේ ශරීර වල ජීව ශක්තියක් තබා උන් පණ කෙන්ද ගැට ගසාගෙන සිටින්නේ ද ඉතාමත් අමාරුවෙන් වීමයි. මෙයට හේතුව කුමක්ද? ඒ උන් ඉපදුන දා පටන් උන්ට ලබා දෙන හෝ(ර්)මෝන නිසාවෙනි. උන්ගේ ශරීර බලා සිටිද්දී විශාල වන අන්දමට මෙම සතුන් පත් වී ඇත්තේ මේ නිසාමය. නින්දක් ඇත්තේම නැත. දින 36 හො 24 හෝ 16 අවසන් වන තුරුම උන් සිටින්නේ විදුලි ආලෝකය මධ්‍යයේ නිදිවර්ජිතවය. අති විශාල වශයෙන් ආහාරයට ගන්නා හෝ(ර්)‍මෝන නිසා මොවුන් ඉතා ඉක්මනින් විශාල වෙයි.

ඇත්තෙන්ම මෙයින් අපේ සමාජයට වන බලපෑම කුමක්ද?

මේ සත්ව ආහාර ගැනීමෙන් වැඩි වශයෙන් අපේ සමාජයට බලපාන්නේ කුඩා දැරිවියන්ටයි. එකල දැරිවියක් වැඩිවියට පත්වූයේ වයස අවුරුදු 13, 14, 15 යන වයස් ඛාණ්ඩ වලට ආසන්නවයි. නමුත් අද වන විට මේ කාල සීමා පහළ බැස ඇත්තේ අවුරුදු 8, 9, 10 ලෙස විශාල වශයෙනි. තවත් පෙදෙස් වල දැරිවියන් ඉතාම කණගාටුදායක ආකාරයෙන් වැඩිවියට පත්වන්නේ අවුරුදු 4, 5 දීය. මෙය ඉතාම බරපතල තත්වයක් බව වැටහෙන්නේ ආදරේට කුකුල් මස් දුන් දෙමව්පියන්ට පමණක් නොවේ... අප සියළු දෙනාම දැනගත යුතු කරුණක් වන්නේ, කුඩා ළමයින්ට මෙලෙස ශරීර වලට අහිතකර ද්‍රව්‍ය අඩංගු ආහාර දීමෙන් වැලකීම අප සමාජයට කරන සේවයක් ලෙස සැලකිය හැකි වුවද අද වෙළඳ පොලේ ඇත්තේද මේ විශ ද්‍රව්‍ය අඩංගු ආහාරම වේ. 

අද තාක්‍ෂණය දියුණු ය. මාගේ ඉල්ලීම නම්, මාංශ ආහාර ගැනීමෙන් වැලකී සිටීම ඉතාමත් අමාරු කාරණයක් නම්, මේ දේවල් ඉවත් කර ඒවා ආහාරයට ගැනීම ගැන තරමක් හොඳින් සොයා බලන්න. එය ඔබට වාගේම ඔබේ ආදරනීය දරුවාටද මහත් ප්‍රයෝජනයක් වනු නොඅනුමානය.

3 comments:

SinhalaMag said...

කුකුල් මස් හා වැඩිවියට පත් වීම සම්බන්දව පිළිගත නොහැක.
මිට ඉහතදීත් හිසේ ගලවන ෂැම්පු නිසා ඉක්මනට වැඩිවියට පත් වෙන බව සොයා ගෙන තිබුන.
කොහොම වුනත්, අගය කල යුතු ලිපියක්. අද සමාජය බොයිලර් කුකුල්ලු වැනිය

සංකල්පනා -රුවන් said...

විද්‍යාත්මකව ගත්හොත් සත්‍යය තිබිය හැක!

අප ගන්නා සාමාන්‍ය විටමින (සමාන්‍යයෙන් අප හැම දන්නා A to E)වර්ග වුවද අප යම් තරමක් වැඩි පුර ගතහොත් ශරීරයට අවශ්‍ය ප්‍රමාණ පමණක් අවශෝෂණය කර අතිරික්තය රදවා ගැනීම මගින් පිලිකා අවදානම් පවා ඇතිවිය හැකි බව සොයාගන තිබෙනවා.

ඉතින් දින 45ක බ්‍රොයිලර් වෙන්න දෙන වර්ධක කෘතීම ආහාර අඩු දින ගණනකින් සතා ඝාතනය කරන විට එම සතාගේ ශරීරයේ ඉතිරි විය හැකියි.

එවා ආහාරයට ගන්නා අපට අප සියල්ලන්ට විවධ රෝගාබාධ ඇතිවීම විවිධ විකෟතිතා ඇතිවීම සාමාන්‍ය දෙයකි.

අහිතකර ආහාර වල පසු බලපෑම් අඩු කරන්න අහිතකර බේත් හේත් ම ගන්නවා!

Kanishka said...

හික්.. සිරා පෝස්ට් එක මචං :D

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com