Sunday, June 6, 2010

මගේ Combo Drive එකට වෙච්ච දෙයක්

අද ම‍ට මාර සීන් එකක් උනේ. අද මම කණියා ගෙ ගෙදර ගිහින් උගෙ මල්ලිගෙ Empty DVD සෙට් එකෙන් DVD 2ක් ගල් කරල, මම කණියා ගෙ ලැපෙන් TV Series එකක් ඒ 2 ට Write කර ගත්ත. ඒ 24 Hours කියන එක.

අද මම අපේ ගෙදර ඇවිත් PC එක ඔන් කරල එක DVD එකක් දාල බලන්න රෙඩි උනා... මෙන්න බොලේ මගේ සන්තකේටම කෝකටත් තෛලය වගේ තිබ්බ Combo Drive එකේ DVD Read කරන්නෙ නෑ. මගුලයි... මම අපේ ගේ පුරා හොයල හොයල මගේ පට්ට පරණ Cleaning CD එකයි අර මොනවදෝ පුරවල තියෙන කුප්පියයි හොයා ගත්ත. ඊට පස්සෙ ඒව ඒ CD එකට වක් කරල Cleaning පාරක් බය නැතුව කරා. දැන් එළ කිරි වගේ මගේ Cleaning CD එකේ තියෙන Tracks ටික ප්ලේ වෙනව. මාර කේස් එක කියන්නෙ, අනික් කිසිම CD/DVD එකක් වැඩ නෑ. Cleaning CD එකේ තියෙන ට්‍රැක් ටික විතරමයි වැඩ කරන්නෙ..
අ‍නේ මට උනු වැඩක් :(

11 comments:

චතුවා said...

මගේ කොම්බෝවටත් ඕකම වුනා නොවැ.. හැබැයි හදාගන්න කම්මැලිකමේ ඉන්නකොට නිකම්ම හරි ගිහින්.. කොම්බෝ කොහොමත් ටික කලක් යනකොට ලෙඩ හදා ගන්නවා..

Anonymous said...

ඕක තමා DVD ගල් කිරීමේ ආනූභාවය ....
බලාගෙන යද්දී මූ ගෙදරකට වද්දා ගන්න පුලුවන් එකෙක්යෑ
කොම්බෝ එකේ සීන් එක කියන්නේ හෙඩ් එක ගිහිල්ලා..

Madhawa Ariyarathna said...

මගේ DVD Writter එකටත් එහෙම වුනානේ ඒකේ කිසිම DVD එකක් කියවන්නේ නැහැ ඒත් CD වැඩ.

Abeetha Edirisinghe said...

සිරා බ්ලොග් එකක්.... ආසයි කියවන්න. අපේ ගෙදර බැරි වෙලාවත් එන්න උනොත් කලින් කියලා එන්න.. පොඩි පොඩි අයිටම් ටික හන්ගලා දාන්න.

Mr.Ekenma said...

උබ මම ගෙදර නැති වෙලේ මට හොරෙන් DVD උස්සලනෙ.. ඒකයි ඔය :D

Sajith said...

බලපන්. අපේ ගෙදර තියෙන DVD පොඩි Player එකෙන් බලන්න හැදුවම ඒකෙ remote එක වැඩ කරන්නෙ නෑ :(

Kanishka said...

හපෝ මූ තව ටික දවසකින් තව මොනවා ලියයිද දන්නෑ :D

Sajith said...

ඔන්න බලන්න කස්ටිය මම ගැන හිතාගෙන ඉන්න විදිය...

Sajith said...

කෙදිනක හෝ මගේ කොම්බෝව ඉබේම හරියනකන් මමද බලා සිටිමි...!!!

Sajith said...

මාර කේස් එක තමයි. මමත් අර ළමය වගේ මමත් ඔහේ හිටිය. මෙන්න අද උදේ හරි ගිහින් :D මේ මොකද බන් මේ වෙන්නෙ? මගේ PC එකට කණියගෙ මල්ලි හූණියමක් කරල මගේ මේ පෝස්‍ට් එක දැකල දුක හිතිල ආපහු ඒක නැති කරලවත් ද?

Mr.Ekenma said...

සුවර් එකටම උබ ආපහු ඇවිත් මගේ DVD තියල යන්න ඇති ඒකයි :D උබට මගේ නම use කරන්න බැරිද මම ගැන කිය‍වෙන තැන්වල ? :D

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com