අපේ කොල්ලො කෙල්ලො දැනටමත් අහල ඇති JAVA කියල එකක්. සමහර විට එළටම දන්නවත් ඇති. ගොඩක් කට්ටිය වැඩිය දන්නෙ නැති හින්ද, අළුත්ම වැඩක් අළුත්ම තාලෙට අපේම භාෂාවෙන් පටන් ගත්තොත් හොඳයි කියල මට හිතුන. ඉතින් මට මේ කරන්න හිතුනෙ මුලම ඉඳන්, පොඩියට JAVA පාඩම් පෙළක් කරගෙන යන්න...
කට්ටිය මොකද හිතන්නෙ?
කොහොම කොහොම හරි අදම ඔයාලගෙ පළමු පාඩම පටන් ගන්නව. හැමෝටම සහභාගි වෙන්න පුලුවන්...
මුලින්ම මේක මම කියන්න ඕන. මම JAVA පාඩම මුල ඉඳලම පටන් ගත්තත්, ඉතිහාස කතා නම් ඔන්න කියන්න යන්නෙ නෑ... මොකද මොනව හරි Detail එකක් වැරදුනොත් එහෙම, ඒක JAVA නිර්මාතෘට කරන ලොකු අගෞරවයක් වෙනව...
හොඳයි, ඔක්කොටම කලින් ඔයාලගෙ පරිගණක වලට JAVA ස්ථාපිත කරගන්න ඕන නේද...
ඒ සඳහා මෙන්න මේ LINK එක පාවිච්චි කරන්න....
http://java.sun.com/javase/downloads/widget/jdk6.jsp
ඒක සම්පූර්ණයෙන්ම Download කර ඉවර උනාට පස්සෙ, ඒක Install කරන්න. Install කරල ඉවර උනාට පස්සෙ ඔයාලට කරන්න වැඩක් තියෙනව...
මේ පියවර අනුගමනය කරන්න...
Start > Run > Type "cmd" and Enter !
දැන් ඔයාලට Microsoft DOS අතුරු මුහුණත පේනව ඇති.
එය මත "java" හෝ "javac" යනුවෙන් Type කර, Enter කරන්න. මෙහෙම කරන්නෙ JAVA path හරිද කියල බලන්නයි... මෙවිට ඔයාලට දිස් වෙයි Error Message එකක්... මෙහි තේරුම නම්, JAVA සඳහා ඔයා තාමත් සූදානම් නෑ කියන එකයි. (Path is successfully not created) එහෙම නැතත් වැඩ කරන්න පුළුවන්. ඒක මම ඉදිරි ලිපියකදි කියල දෙන්නම්...
ඔයා JAVA ස්ථාපිත කරේ කොතනටද? මම නම් D:\Program Files\Java\jdk1.6.0_16\bin යන Path එක තුලටයි Install කලේ.. ඔයා මෙම Path එක Bin folder එක තෙක් කොපි(Copy) කර ගත යුතුයි.
දැන් මේ පියවර අනුගමනය කරන්න...
My Computer මත Right Click කර Properties තෝරා ලැබෙන Window එකෙන් Advance Tab එක තෝරා, එහි ඇති Environment Variables බොත්තම තද කරන්න.
ලැබෙන Dialog Box එකෙහි, System variables යටතේ ඇති Variable හි "Path" තෝරා Edit කර, එහි Variable name එසේම තිබියදී, Variable value හි දැනට ඇති සියළු දේ එසේ තිබියදී, එහි අවසානයෙහි ";" ලකුණ (without double quotation) යොදා, ඔයා කලින් Copy කර ගත් Path එක එය අවසානයෙහි Paste කර, OK කරන්න...
දැන් වැඩේ ඉවරයි... ආපහු DOS Command එක විවෘත්ත කර "java" හෝ "javac" Type කර බලන්න... දැන් තිරයේ JAVA HELP තොරතුරු රාශියක් දිස් වෙයි නම් ඔයාගෙ වැඩේ සාර්තකයි..
ඔයාගෙ ගැටළු ලියන්න අමතක කරන්න එපා...
වැඩේ හරි නම් කියන්න.. ඊලඟ ලෙටර් එක දාන්නම්...
(මෙම ලිපිය EKENMA.COM වෙත ලියූ ලිපියෙහි පිටපතකි.)
8 comments:
Oya Java Software ak Mb kiyk vithara lokuda ?
80MB විතර...
මල්ලි ජාවා පාඩම දිගටම කරෙගන යන්න.ගොඩක් වටිනවා.
අයියේ මටත් ආසයි ඕක ඉගෙන ගන්න.ඔයා දිගටම ලියන්න...
අයියෝ මට ඒ කියන්නේ පැය 6 විතර යයි ඔක ඩවුන්ලෝඩ් කරන්න 1.0 Mbps නේ ස්තුති Sajith Tharaka ප්රතිචාර දැක්වුවාට
මෙක භාගත කරල පෙන් 1 ක දාගෙන අරන් එන්න බැරිද???
අඩේ බන් ඒක භපුවම ආවෙ vlc මීඩිය පයිල් 1ක් නෙ
http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html
VLC file enne koheda oke. EXE file ekak enne. try again.
Post a Comment
හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!